Gossips

සභාග ආණ්ඩු තීරණය මහින්ද අතේ

සභාග ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්ගේ නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ පැවති සාකච්ඡාවේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
සභාග ආණ්ඩුව සහ වෙනත් දේශපාලන මෙන්ම, ආර්ථික කරුණු සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් නායකත්වය දැනුවත් කිරීමකින් තොරව ප්‍රකාශ නිකුත් නොකළ යුතු බවට මෙහිදී එකඟතාවයකට පැමිණි බවද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ප්‍රකාශ කළා.