Gossips

ජනපති සීෂෙල්ස් උප ජනාධිපති හමුවෙයි

සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ එරට උප ජනාධිපති වින්සන්ට්මෙරිටන් හමුවුණා.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව ඔහු එහිදී සතුට පළ කර තිබෙනවා.
මෙම සංචාරයට සමගාමීව දෙරට අතර ඇතිකරගත් නව එකඟතාවන් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට කැපවන බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සීෂෙල්ස් උද්භිද උද්‍යානය මෙන්ම එරට සමුද්‍රීය අධ්‍යාපන ආයතනයද ඊයේ නිරීක්ෂණය කළ අතර, පසුව යුනෙස්කෝ ලෝක උරුමයක් වන නිම්නීය ස්වභාවික රක්ෂිතයද නැරඹුවා.