Gossips

හොඬවැල්පොකුණ රක්ෂිතයේ ආබාධයකට ලක්ව සිටි වන අලියා මියයයි (ඡායාරූප)

හම්බන්තොට හොඬවැල්පොකුණ වැව ආසන්න රක්ෂිතයක් තුල ආබාධයකට ලක්ව සිටි වන අලියා මියගොස් තිබෙනවා.
ආබාධයකට ලක්ව සිටි මෙම වන අලියාට පසුගිය 5 වනදා ප්‍රතිකාර කිරීම ආරම්භ කෙරුනේ ප්‍රදේශවාසින්ගෙන් ලැබුනු තොරතුරකට අනුවයි.
උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් එම සත්වයාට ප්‍රතිකාර කර තිබු අතර පසුව වන අලියා කටුවැව නගරවැව රක්ෂිත ප්‍රදේශයට ගොස් තිබුනා.
එහිදී ද වනජීවී නිලධාරීන් වන අලියාට ප්‍රතිකාර කර තිබුන ද අසාධ්‍ය තත්වයේ සිටි සත්වයා අද පෙරවරුවේ මියගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ පිටුපස දකුණු පාදයේ අස්ථි බිදීමක් හේතුවෙන් ඇතිවු රෝගී තත්වයක් මත මරණය සිදුව ඇති බවයි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ද වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.

ඡායාරූප – හම්බන්තොට රාහුල් සමන්ත