Gossips

ජල ගැලීමට හසුවී අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුර හමුවෙයි (ඡායාරූප)

පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග ඇතිවු ජල ගැලීමට හසුවීමෙන් බදුරලිය ගලහිටිය ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබෙනවා.
මගුරු ඔය පිටාර ගැලීමත් සමග පැවති ජල ගැලීම් තත්වයට හසුවී මෙම තරුණයා අතුරුදන්ව තිබුනේ ඊයේ පස්වරුවේයි.
ඊයේ සවස ඥාති නිවසකට යන බව පවසා පිටව ගිය මෙම තරුණයා එම නිවසට නොපැමිණි බැවින් ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුනා.
එහිදීයි 27 හැවිරිදි තරුණයාගේ සිරුර සොයා ගැනුනේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඡායාරූප – අගලවත්ත ධනුෂ්ක ලංකා නානායක්කාර