Gossips

තෙබුවනදී නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාට ඇප

තෙබුවන නගරයේදී ගිනි අවියක් රැගෙන නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයා අද ඇප මත මුදා හැරියා.
ඒ ඔහු අද මතුගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමටයි.
ඔහු විසින් අත්අඩංගුවට ගත් වැලි පැටවූ ටිපර් රථයක් තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා නිදහස් කිරීමට එරෙහිවයි මෙම පොලිස්සැරයන්වරයා ගිනි අවියක් රැගෙන නොසන්සුන්කාරි ලෙස හැසිරුණේ.