Gossips

ජනපතිට සහ අගමැතිට යළිත් සිතාසි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පස්වන වරටත් අද යළි සිතාසි නිකුත් කෙරුණා.
ඒ, මොවුන් අද (09) දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
මෙම නඩුව ලබන වසරේ ජනවාරි මස 22 සහ 23 යන දිනවල විභාගයට ගැනීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේ.
පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
2014 වසරේ දෙසැම්බර් මස දිනකදී කොළඹ ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකළේ ගිවිසුමේ පිටපතක් ලෙස හැදින් වූ ලේඛනයක් ද ඉදිරිපත් කරමින්.