Gossips

20 වන සංශෝධනය ජනමත විචාරණයකින් සහ තුනෙන් දෙකකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

ජනතා විමුක්ති පෙරමුණ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති, පාර්ලිමේන්තුවේ 3 න් 2 ක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය, දැනුම්දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සම්වල තීරණය කතානායකවරයාට දැනුම් දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව සඳහන් කර ඇත්තේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එමෙන්ම, 20 වන සංශෝධනයේ තවත් වගන්ති කිහිපයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බවයි නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේ.