Gossips

මුහුදු සුළං වේගය ඉහළට

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය, පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවයි.
මේ අතර, බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.