Gossips

කොළඹ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 4 ක් ඉල්ලයි

මේ වනවිට අඩුපීඩනයක් යටතේ සිදු කෙරෙන කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජල සැපයුම අද රාත්‍රී 7 ට පමණ යථා තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස අඩු පීඩනයක් යටතේ අද අලූයම සිට ජලය සැපයීම සිදු කෙරුණා.