Gossips

හෙට සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන, මුදල් ඇමතිගෙන් ඉඟියක්

මිල සූත්‍රයට අනුව මේ මාසයේ ඉන්ධන මිල සංශෝධනය හෙට (10) සිදුකිරීමට නියමිතයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීමට අනුකූලව ඉන්ධන මිල කමිටුව රැස්වී අදාළ සංශෝධනය සිදුකරනු ලබනවා.
මිල සූත්‍රය හඳුන්වා දීමෙන් පසු ඉන්ධන මිල දෙවරක් සංශෝධනය කරනු ලැබුවා.
අවසන් වරට ඉන්ධන මිල පසුගිය 10 සංශෝධනය වූ අතර එහිදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4 කින් ද ඩීසල් ලීටරයක මිල 5 කින් ද ඉහළ දැමීමට පියවර ගත්තා.
මේ අතර, මාතර ඊයේ (09) පැවති ජන හමුවකට එක්වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් කියා සිටියේ ලෝක වෙළදපොළේ ඉන්ධන මිල මේ වන විට ඉහළ ගොස් ඇති බවයි.