Gossips

ක්‍රීඩකයන් තුන් දෙනෙකුට තරඟ පාවාදීම් චෝදනා

හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 3 දෙනෙකුට තරඟ පාවාදීමේ චෝදනා මත තහංචි පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඉර්ෆාන් අහමඩ්, නදීම් අහමඩ් සහ හසීබ් අම්ජාඩ් යන ක්‍රීඩකයන් 3 දෙනාට මෙලෙස තහනමක් පනවා ඇත්තේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී තරඟ පාවාදීමට උත්සාහ කළ බවට එල්ල වන චෝදනා හේතුවෙන්.
එම තරගාවලියේදී හොංකොං පිළ, ස්කොට්ලන්තය, කැනඩාව සහ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති තරගවලදී එලෙස තරඟ පාවාදීමේ උත්සාහයක් පැවති බවයි අනාවරණ වී ඇත්තේ.