Gossips

වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානම්

පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට පසුගිය පැය 24 තුළ ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟයි මෙලෙස නාය යාමේ අවදානමක් පැන නැගී ඇත්තේ.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, බදුරලිය සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නාය යාමේ අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබුණු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.