Gossips

ගමක් බයකළ ලිඳට වැටුණු කිඹුලා ගොඩගත් මෙහෙයුම

වවුනියාව කුරුඳුපිටිය ප්‍රදේශයේ නිවසක ලිඳකට වැටී සිටි කිඹුලන් තිදෙනෙකු මුදා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වූවා.
පවතින අධික වර්ෂාවත් සමඟ මෙම කිඹුලන් ලිඳට වැටී ඇති බවයි වවුනියාව වනජීවී නිලධාරීන් අප සමඟ පැවසුවේ.
එම නිවසේ හිමිකරුවන් විසින් කළ දැනුවත් කිරීමකට අනුව අදාළ කිඹුලන් තිදෙනා ගොඩගත් බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
ගොඩටගත් කිඹුලන් පසුව මඩු රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයට මුදා හැර තිබෙනවා.
ඒ අතර දිගින් අඩි 7 ක් පමණ වන වැඩිහිටි කිඹුලෙකු සහ අඩි 3ක පමණ කිඹුල් පැටියන් දෙදෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.
මෙලෙස ගොඩටගත් කිඹුලන් හැළ කිඹුල් විශේෂයට අයත්වන බවයි අනාවරණ වී ඇත්තේ.
එම අවස්ථාව පහතින්.