Gossips

වී ගෝනි අතර සැඟවූ තෙක්ක දැව කඳන් (ඡායාරූප)

වී ප්‍රවාහනය කරන මුවාවෙන් මුලතිව් සිට යාපනය දක්වා නීති විරෝධී ලෙස තෙක්ක දැව කඳන් 28ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවක් පුදුකුඩිරිප්පුව පොලීසිය විසින් ඊයේ (08) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොරි රථය සම්බන්ධයෙන් පොලිසියට සැකසිතී සිදුකළ පරික්ෂා කිරීමකදී වී ගෝනි අතර සඟවා තිබූ මෙම තෙක්ක දැව කඳන් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු සහ දැව කඳන් තොගය මුලතිව් දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප – වවුනියාව, දිනසේන රතුගමගේ