Gossips

මොරවක අධිකරණයට ගෙන ආ සිරකරුවෙකු, මාංචු සමඟ පැන යයි

මාතර බන්ධනාගාරයේ සිට මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු මාංචු සමඟ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබෙනවා.
බාල වයස්කාර දැරියක් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු මෙම සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත බන්ධනාගාර බස් රථයට රැගෙන යමින් සිටියදී මෙලෙස පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
පසුගිය මස 18 වන දා මොරවක – නිල්ඇල්ල ප්‍රදේශයේ දී බාල වයස්කාර දැරියක් ත්‍රිරෝද රථයකින් පැහැරගෙන යාමට උත්සාහ කිරීමේදී මොරවක පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.