එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරුන් පිරිසක් සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන් කණ්ඩායමක් අතර සාකච්ඡාවට භාජනය වී ඇති භාරකාර හෝ හවුල් ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේදී අද (09) පැවැත්වීමට නියමිතයි.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන්.
එහිදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.