Gossips

පාකිස්තානය අයි.එම්.එෆ්. ආධාර ඉල්ලයි

ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර වෙමින් පවතින පාකිස්තානය ඊට විසඳුම් සොයමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සැරසෙනවා.
අගමැති ඉම්රාන් ඛාන්ගේ නව රජය අයි.එම්.එෆ්. ආයතනයෙන් නුදුරේදීම තවත් විශාල ණය මුදලක් අපේක්ෂා කරන බවයි එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.
අයි.එම්.එෆ්. ණය ආධාරවලට විකල්පයක් සොයන බව පාකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟ එරට කොටස් වෙළදපොළ ඊයේ සියයට 3.4කින් පහත වැටුණා.