Gossips

කරන්දෙණිය ප්‍රදේශීය සභා කමිටු රැස්වීම උණුසුම් වෙයි

ප්‍රදේශීය සභා කමිටු රැස්වීට සහභාගීවන මන්ත්‍රීවරුන් සීමා කිරීමට එරෙහිව කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සම්බන්ධිකරණ රැස්වීම පැවැත්වෙන අතරවාරයට පැමිණ සිය විරෝධය පළ කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.
මේ අතර, රත්තොට ප්‍රා දේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට එම පෙරමුණේම තවත් මන්ත්‍රීවරයෙකු විසින් සිදු කළේ යැයි පැවසෙන පහරදීමකට විරෝධය පළ කරමින් ඔහු එම ප්‍රා දේශීය සභාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.