Gossips

වෛද්‍යවරයෙකුගේ ඇඳ යටින් මතුවූ උත්තේජකය

දික්වැල්ල පාතෙගම ප්‍රදේශයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිවසක තිබී මදනමෝදක පැකට් 43ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර මුලස්ඨාන පොලිසියේ දූෂණ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති විරාජ් මදුශංක වෙත ලද තොරතුරකට අනුවයි නිලධාරීන් ඊයේ (07) මෙම වැටලීම සිදුකර ඇත්තේ.
අදාළ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයා විසින් එම ස්ථානයට පැමිණෙන ඕනෑම අයෙකුට මෙම මදනමෝදක අලෙවි කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
අදාළ පුද්ගලයාගේ නිදන කාමරයේ ඇඳ යට තිබී ග්‍රෑම් 250 මදනමෝදක පැකට් 43ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් එක් පැකට්ටුවක් රුපියල් 2500 බැගින් අලෙවි කිරීමට තිබූ ඒවා බවටයි සැකපලකරන්නේ.
සැකකරු අද මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාතර මුලස්ඨාන පොලිසියේ දූෂණ විමර්ශන ඒකකයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

(දර්ශන – මාතර අදීශ ආරියතිලක)