Gossips

භාරකාර ආණ්ඩු එපා – පොහොට්ටුවේ පළාත් නියෝජිතයින්ගේ එකඟත්වයක්

භාරකාර හෝ හවුල් ආණ්ඩුවක් නොව ජනතා ඡන්දයෙන් ආණ්ඩුවක් බිහි කළ යුතු බවට අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ දිස්ත්‍රික් විධායක සභා රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා.
බත්තරමුල්ලේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් සහභාගි වූ අතර, භාරකාර ආණ්ඩුවක් අනවශ්‍ය බවට එහිදී ඒකමතිකව යෝජනා වුණු බවයි එහි කොළඹ දිස්ත්‍රික් කමිටුවේ කැදවුම්කරු මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු කියා සිටියේ.
මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අතර සාකච්ඡාවට භාජනය වී ඇති මෙම ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේදී හෙට රාත්‍රියේ පැවැත්වෙනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.