Gossips

අඩු පීඩන කලාපය, ත්‍රිකුණාමලයට කිලෝමීටර් 950ක් ආසන්නයේ

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 950ක් පමණ දුරින් ස්ථාන ගත වී තිබෙනවා.
ඒ හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද තවදුරටත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.