Gossips

මිහිතලය උණුසුම්වීම ගැන ජගත් සංවිධාන වාර්තාවක් අනතුරු අගවයි

සීඝ්‍ර, මෙතෙක් නොවූ විරූ, විශාල ප්‍රතිඵල සහිත ක්‍රියාමාර්ගය නොගතහොත් මිහිතලයේ උණුසම වසර 2030 ක් 2052 ක් අතර කාලය තුළ සෙන්ටි‍්‍රගේ‍්‍රඩ් අංශක 1.5 කින් ඉහළ යාම වැළැක්විය නොහැකියැයි ජගත් සංවිධාන වාර්තාවක් මගින් පෙන්වා දෙනවා.
එම වාර්තාව සකස් කර ඇත්තේ මිහිතලය උණුසුම් වීම පිළිබඳ ජගත් සංවිධානයේ අන්තර් රාජ්‍ය මණ්ඩලය විසින්.
මෙම වාර්තාව 2015 පැරිස් කාලගුණ සම්මුතිය ක්‍රියාවට නැංවීම සඳහා මාර්ගෝපදේශයක් ලෙසයි සැලකෙන්නේ.
කාර්මීකරණයෙන් පසු මිහිතලය උණුසුම්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන හරිතාගාර වායුව වන කාබන්ඩයොක්සයිඩ් මුක්තවීම වේගවත්වීම නිසා 18 වන සියවසේ මැද භාගයේ සිට මේ දක්වා මිහිතලය සාමාන්‍ය උෂ්ණත්වය දැනටමත් සෙන්ටිගේ‍්‍රට් අංශකයකින් ඉහළ ගොස් තිබෙනවා.
මෙම තත්ත්වය වැළැක්වීමට වසර 2030 වන විට කාබන්ඩයොක්සයිඩ් මුක්තවීම සියයට 45කින් කපාහැරිය යුතු අතර, දැනට සියයට 25ක් වන සුනිත්‍ය බලශක්ති භාවිතය සියයට 85 දක්වා ඉහළ නැංවිය යුතුයි.
ගල් අඟුරු භාවිතය එහිදී මුළුමනින්ම නතර කිරීමට පියවර ගත යුතු බවයි ජගත් සංවිධාන වාර්තාව පෙන්වා දෙන්නේ.