Gossips

සීදූව ගුවන් පාලම යට සැකසහිත මළසිරුරක්

සීදූව ,ජයලත් හන්දිය කලපුව අසල ගුවන් පාලම යට නවතා තිබූ මෝටර් රථයක් තුළ පුද්ගලයෙකු ඊයේ (18) සැකසහිත අන්දමින් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ වයස 41 වූ දළුවකොටුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි මොහාට්ටිගේ ප්‍රියන්ත නමැති අයෙකු බවයි වාර්තාවන්නේ.
මෘත ශරීරය මීගමුව රෝහල් මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.