Gossips

රද්දොළුගම වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනාගනී

ජා ඇල – රද්දොළුගම නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ (07) සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව කඩිනමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි රද්දොළුගම පොලිසිය සදහන් කළේ.
ඊයේ රාත්‍රී 9.30 ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඉන් බැස සිටියදි යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ඔහුට වෙඩි තබා තිබුනා.
ඒ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගයින් දෙදෙනෙකු විසින්.
වෙඩි තැබිමෙන් තුවාල ලැබු පුද්ගලයා 36 හැවිරිදි රද්දොළුගම ගල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මනුෂ්‍ය ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකු බවයි රද්දොළුගම පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ කඩා කප්පල්කාරි සිද්ධින්වලට සම්බන්ධ පුද්ගලයින් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාස 04 ක කාල සීමාවක් තුල චුන්නාගම්,මානිප්පායි සහ කෝපායි ප්‍රදේශවල සිදුකල වැටලිම් වලදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් පිරිස අතුරින් 42 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කර තිබෙනවා.
තවත් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මොවුන් ආවා , දනුරොක් සහ අජිත් නමින් හදුන්වා ගත් කල්ලි වල සමාජිකයන් බවද පරික්ෂණ මෙහෙයවන උසස් නිළධාරියෙකු අප කල විමසිමකදි කියා සිටියා.
පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ලබා ගනිමින් සිද්ධීන් වලට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ ක්‍රියාත්මකයි.