Gossips

විදුලිබල සේවකයින් කළුකොඩි ඔසවයි

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට අයත් සේවකයන් 06 දෙනෙකු වැඩ තහනමට ලක් කිරීමට එරෙහිව අද (19) සිට කළු කොඩි විරෝධතාවයක් ආරම්භ කරන බව විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ දිවයින පුරා පිහිටි විදුලිබල මණ්ඩල කාර්යාල තුළ මෙලෙස කළු කොඩි ඔසවන බවයි.
එමෙන්ම ලබන මාර්තු 14 වනදා සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු තවදුරටත් සඳහන් කළා.