Gossips

අත්අඩංගුවට ගත් විජයකලාට ඇප

අත්අඩංගුවට ගත් හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (08) නියෝග කළා.
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණවලට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙරවරු 09 ට පමණ ඇය පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදීයි අත්අඩංගුවට ගනු ලැබුවේ.
පසුව ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී විනිසුරුවරයා නීතිපතිවරයාට නියෝග කළේ මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරන්නේද නැද්ද යන්න පිළිබඳ ස්ථාවරය දෙසැම්බර් මස 07 වනදාට දැනුම් දෙන ලෙසටයි.
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටි.ටි.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගිය ජුලි මස 02 වනදා යාපනයේදි ප්‍රකාශ කළේ රජයේ අමත්‍යවරුන් කිහිප දෙනෙකුද සහාභාගි වි සිටි උත්සවයකදීයි.
ඇය මෙම ප්‍රකාශය සිදු කිරිමෙන් පසුව සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.
මෙම තත්ත්වය මත අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් රජය පරික්ෂණයක් ආරම්භ කළ අතර එය මෙහෙයවනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින්.
මේ අතර කථානායකවරයාගේ අවසරය මත මැතිඇමතිවරුන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින් මෙන්ම මාධ්‍යවේදින් ඇතුලු 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැණුනා.
කථානායකවරයා මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසා සිටියේ ඉන් අනතුරුවයි.
ඒ අනුව ස්ථාවර නියෝග වලට අනුව ඇයට එරෙහිව කටයුතු කළ හැකි බව නිතීපතිවරයා විසින් දැනුම් දී තිබුණා.
එමෙන්ම හිටපු රාජ්‍ය ඇමතිනිය සිදු කළ ප්‍රකාශය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ආ වගන්තිය උල්ලංඝනය කර ඇති බවට නිතිපතිවරයා පොලිස්පතිවරයාට ද දැනුවත් දී තිබුණේ.
ඊට අදාලව අභියාචනාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කිරිමට ද නීතිපතිවරයා නියෝග කළා.
අග්‍රාමාත්‍යරයා හමුවිමෙන් පසු සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් විජයකලා මහේෂ්වරන් ඉල්ලා අස්වුයේ මෙවන් පසුබිමක් තුලයි.
මේ අතරවාරයේ පසුගිය ජුලි 24 වනදා යාපනයේ පිහිටි මන්ත්‍රීවරියගේ නිවසේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාලව පළමු ප්‍රකාශය ලබා ගත්තා.