Gossips

17 හැවිරිදි නැගණියට බියේ කුකුළු කූඩුවක දිවිගෙවන 29 හැවිරිදි සහෝදරයා

17 හැවිරිදි නැගණියට බියේ කුකුළු කූඩුවක දිවිගෙවන සහෝදරයෙකු පිළිබඳ සංවේදී පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ගලේවෙල, ඉබ්බන්කටුව ප්‍රදේශයේ පදිංචි මෙම සහෝදරිය සහ සහෝදරයා ආබාධිත තත්වයකින් පසුවන්නන්.
මොවුන් දෙදෙනා කුඩා කාලයේ සිටම එකිනෙකාට විරුද්ධව කටයුතු කිරීමත් එකිනෙකා ළඟ සිටීමට අකමැති වීමත් නිසා කුලී වැඩකින් දවස වේල සොයාගන්නා මෙම මව සහ පියා දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා .
මොවුන්ගේ වැඩිමහල් පුතා මේ වන විට වයස අවුරුදු 29 වන වියේ පසුවන අතර උපතේ සිටම ආබාධිත තත්ත්වයේ පසුවන එම පුතා රෝගාබාධ කීපයකින් පෙළෙන බව සඳහන්.
ඔහු ජීවත් කරවීම සඳහා දැඩි වෙහෙසක් දරමින් සිටියදී දෙවැනි දරුවෙකු ලෙස උපත ලබා ඇත්තේ දියණියක්.
මේ වනවිට 17 වැනි වියේ පසුවන ඇයද මනසික රෝගී තත්ත්වයකින් පෙනෙනවා.
මෙම දරුවන් දෙදෙනාගේ මව පවසා සිටියේ දරුවන් දෙදෙනා කුඩා කාලයේ තමා විදේශ ගතව වසර දෙකකට වැඩි කාලයක් සිට හම්බකරගත් මුදලින් නිවස තනා ගත් බවයි.
දරුවන් දෙදෙනා ජීවත් කරවීම සඳහා මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවත් දෙදෙනා මාරුවෙන් මාරුවට කුලී වැඩට යන බවද ඇය පැවසුවා.
දරුවන්ගේ පියා අප සමඟ කියා සිටියේ මෙම දරුවන් දෙදෙනාට මව සහ පියා ඔවුන් අසලම සිටිය යුතු බවයි.
දෙදෙනාම එක ස්ථානයක තැබීමට නොහැකි බවත් දෙදෙනා අතර ඇතිවන ගැටුම් වළක්වාලීමට තමන්ට සහ බිරිඳටත් ඇතැම් අවස්ථාවලදී නොහැකි බවද ඔහු පවසා සිටියා.
ඔවුන්ගේ පියා වැඩිදුරටත් පවසා සිටියේ දියණිය නිරන්තරයෙන්ම සිය සොහොයුරා සමඟ ගැටුම් ඇතිකරගන්නා බවත් ඇයට ඉතා ක්ෂණිකව කෝපයට පත්වන බවයි.
මේ හේතුවෙන් නැගණියට බයේ සහෝදරයා නිවස පිටුපස ඇති කුකුළු කූඩුවට යන බවත් එයින් පිටතට ගැනීම සඳහා දැඩි උත්සාහයක් දැරුවද ඔහු නිවසට නොඑන බව පියා සඳහන් කළා.
නැඟණිය සිය සහෝදරයා දෙස බැලීමටවත් අකමැත්තක් දක්වන අතර මෙම බරපතළ තත්ත්වයක් ඔස්සේ මව සහ පියා මුහුණ පා ඇති දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන් දෙදෙනා රැක බලාගැනීම නොහැකිව ඔවුන් ඉතා අසරණ තත්වයකට පත්ව සිටිනවා.
rnrnrnrnrnrnrnrn