Gossips

ඉන්ධන මිලට එරෙහිව ධීවරයින් විරෝධතාවක

ඉන්ධන මිල පහත දමන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය අද (08), ස්ථාන කිහිපයක විරෝධතා සංවිධාන කර තිබෙනවා.
උදෑසන 11 ට පමණ පුත්තලම – තෝප්පුව මංසන්ධියෙන් එක් විරෝධතාවක් ආරම්භ වූ අතර, ගාල්ල සහ හික්කඩුව ප්‍රදේශවලද ධීවරයින් විරෝධතාවයේ නිරතවූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර අක්කරෙයිපත්තුව – කල්මුණේ ප්‍රධාන මාර්ගය අඩ්ඩාලච්චේන මංසන්ධියෙන් බෝට්ටු යොදා අවහිර කරමින් ධීවරයින් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
ඔලුවිල් වරාය තම ධීවර කටයුතු සඳහා ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ.