Gossips

මධ්‍යම පළාත් සභාවේ නිල කාලයත් අවසන්

මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්වීමට නියමිතයි.
ඒ අනුව එම පළාත් සභාවේ කටයුතු අද (08) සිට ආණ්ඩුකාර පාලනයකට යටත්වනු ඇති.
මේ වනවිට පළාත් සභා 4 ක නිල කාලය අවසන් වී ඇති අතර, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභාවල නිල කාලය අවසන් වුණා.
මේ අතර අනිද්දායින් වයඹ පළාත් සභාවේ නිල කාලයත්, ලබන 25 වනදා උතුර පළාත් සභාවේ නිල කාලයත් අවසන්වීමට නියමිතයි.
එසේම ලබන වසරේ අප්‍රේල් 10 වනදා දකුණු පළාත් සභාවේද, අප්‍රේල් 21 වනදා බස්නාහිර පළාත් සභාවේද, සැප්තැම්බර් 8 වනදා ඌව පළාත් සභාවේද නිල කාලය අවසන් වනු ඇති.
කෙසේ වෙතත් දැනට නිලකාලය අවසන් වී ඇති පළාත් සභාවල මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් රජය මේ වනවිටත් ප්‍රකාශයක් කර නැහැ.
පළාත් සභා සීමා නිර්ණ කටයුතු මේ වනවිට සිදුවන අතර, සීමානිර්ණ සමාලෝචන කමිටුවේ වාර්තාව ඉදිරියේදී භාරදීමට නියමිතයි.
සීමානිර්ණ සමාලෝචන කටයුතු මේ වනවිටත් සිදුවන අතර ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ අදහස් හා යෝජනා පසුගියදා ලබා ගත්තා.
මේ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති සහ දේශපාලන පක්ෂවල නිත්‍ය නියෝජිතයන් අතර හමුවක් මේ මස 11 වනදා පස්වරුවේ පැවැත්වෙනවා.