බ්‍රසීලයේ ජනාධිපතිවරණයේදී විපක්ෂ අපේක්ෂක ජෙයා බොල්සනාරෝ පළමු වටයෙන් ජයග්‍රහණය කර තිබෙනවා.
මෙහිදී ඔහුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොමැතිවීම හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතයි.
එය මේ මස 28 වනදා පැවැත්වෙනු ඇති.
වාමාශික පක්ෂයේ ෆර්නෑන්ඩෝ හැඞ්ල් සමඟ මෙහිදී ඔහු තරඟ වැදීමට නියමිත අතර, එහිදීද ජෙයා බොල්සනාරෝ ජයග්‍රහණය කරනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.