Gossips

ජාතික රෝහලේ විකිරණ අංශයේ පටකවේදීය පරීක්ෂණ අඩපණයි

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදීය පරීක්ෂණ මාස 4ක පමණ කාලයක සිට නතර වී ඇති බවට වාර්තා වනවා.
එම පරීක්ෂණ සිදුකිරීම සඳහා යොදා ගන්නා කටු වර්ග නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයිි සමස්ත ලංකා හෙද සංගමයේ වැඩබලන සභාපති එස්.බී. මැදිවත්ත කියා සිටියේ.
මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ මේ පිළිබදව සොයා බැලීමක් සිදුකරන බවයි.