Gossips

කුමන්ත්‍රණ ගැන කියූ නාමල් සහ නාලක අද අධිකරණයට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැළැස්මක් පිළිබඳව තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර සහ දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (08) අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.
ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ලබාදුන් නියෝගයකට අනුවයි.
මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව නාමල් කුමාර සිදුකළ අනාවරණයට අනුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
ඒ අනුවයි නාලක සිල්වාට සහ නාමල් කුමාරට අද (08) දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කළේ.
මේ අතර, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ හඬ පට සම්බන්ධයෙන් වන වාර්තාව ද හෙට (09) හෝ අනිද්දා (10) අධිකරණයට ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කළා.