Gossips

යාපනයේ එල්.ටී.ටී.ඊ. ස්මාරකයකට තහනමක්

මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් යාපනය – වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ස්මාරකයක් ඉදිකිරිම අත්හිටුවමින් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අදාළ ස්මාරකය ඉදිකිරිමට සුදානම් වී තිබුනේ උතුර පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් සහ පළාත් සභා ඇමතිනී ආනන්දි ශෂිදරන් ඇතුළු පිරිසක්.
ප්‍රාදේශීය එල්.ටී.ටී.ඊ. නායකයෙකු ලෙස හැදින්වෙන කුමරප්පා පුලේන්ද්‍රන් නැමැත්තා වෙනුවෙන් ස්මාරකය ඉදිකරන බවට සිවාජිලිංගම් ඇතුළු පිරිස පවසනවා.
කෙසේ වෙතත්, ස්මාරකයේ ඉදිකිරිම් ආරම්භ වීමට පෙර එහි පැමිණි ගම්වාසීන් පිරිසක් සිවාජිලිංගම් ඇතුලු පිරිසට විරෝධය පල කලා.
මේ අතර, නව ස්මාරකයක් ඉදිකිරිම පිළිබඳ වැල්වැටිතුරෙයි පොලිසිය, පේදුරුතුඩුව අධිකරණයට කරුණු වාර්තා කරමින් තහනම් නියෝගයක් ලබා ගෙන තිබුණා.
අදාළ නිවේදනය ඔවුන්ට ඇසෙන සේ කියවීමට පොලිසිය කටයුතු කළා.
කෙසේ වෙතත්, එම තහනම් නියෝගය සිවාජිලිංගම් ඇතුලු පිරිසට භාරදීමට පැමිණි අවස්ථාවේ ඔවුන් එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.