Gossips

බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
වැසි තත්ත්වය හේතුවෙන් අනපේක්ෂිත ලෙස ජල මට්ටම් ඉහළ යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එම අධිකාරිය සඳහන් කළා.
කාලගුණ තත්ත්වය යහපත් අතට හැරීමෙන් අනතුරුව මෙම උද්‍යානය මහජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි නාගරික සංවර්ධන අධිකාරිය කියා සිටියේ.