Gossips

වියලි කාලගුණය තවදුරටත්

ඉදිරි දින කිහිපයේත් දිවයිනේ බොහෝ පළාත්වලට වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල උදෑසන සහ රාත්‍රි කාලයේ තරමක ශීත කාලගුණයක්ද අපේක්ෂා කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු කාලයේ වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.