Gossips

පදලංගල දී පාසල් සිසුවියක් අතුරුදන් – මැදිරිගිරියෙන් අතුරුදන් දරුවා සීගිරියෙන් හමුවේ

ඇඹිලිපිටිය – පදලංගල – තෝරගල ප්‍රදේශයේ වයස අවුරුදු 15ක පමණ පාසල් සිසුවියක් දින 10ක සිට අතුරුදන් වී ඇති බවට පවසමින් ඇගේ ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි තෝරගල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක මෙලෙස අතුරුදන් වී ඇති බව සඳහන්.
ඇය පසුගිය 25 වන දා පෞද්ගලික පංතියකට සහභාගීවීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, එදින සිට ආගිය අතක් නොමැති බවටයි ඇගේ මව කියා සිටියේ.
මේ අතර, පොළොන්නරුව – මැදිරිගිරිය – යාය හත – බිසෝ බණ්ඩාරගම ප්‍රදේශයේදී අතුරුදන් වූ දස හැවිරිදි පාසල් සිසුවා සීගිරිය ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා.
දින දෙකකට පමණ ඉහත දී අදාළ දරුවා සොයාගෙන ඇති අතර, පසුගිය මස 16 වන දා පොළොන්නරුව මහරෝහලට සිය මව සමඟ පැමිණි අවස්ථාවේදී මෙම දරුවා අතුරුදන් වී තිබුණා.
අතුරුදන් වූ දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයෙක්.
එමෙන්ම බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේදී අතුරුදන් වූ දස හැවිරිදි දරුවා පිළිබදව ද මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.
එම දරුවා අතුරුදන් වී මාස දෙකකට වැඩි කාලයක් ගත වනවා.