Gossips

මොරගහහේනේ බැංකුවක් බිඳ ගිනි අවි රැගෙන යයි

මොරගහහේන – ගෝනපල මංසන්ධියේ පිහිටි රාජ්‍ය බැංකුවක් බිඳ පතොරම් තුවක්කු දෙකක් රැගෙන යාමේ සිදුවීමක් වාර්තාවනවා.
ඊයේ රාත්‍රියේ මෙම කොල්ලකෑම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙලෙස රැගෙන ගොස් ඇත්තේ බැංකුවේ ආරක්ෂාව සඳහා තිබූ පතොරම් තුවක්කු දෙකක්. සොරකම සිදුවන අවස්ථාවේ බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු සිට නැහැ.
මූලික පරීක්ෂණවලදී බැංකුව සතුව පවතින මුදල් හෝ වෙනත් කිසිවක් අස්ථාන ගත වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මොරගහහේන පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.