Gossips

හයිටි භූ කම්පනයෙන් ජීවිත හානි

කැරිබියානු හයිටි දිවයිනේ සිදුවූ රික්ටර් පරිමාණයේ 5.9 ක භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව එරට බලධාරීන් ප්‍රකාශ කළා.
පෝට් – ඩි – පෙයික්ස් වරාය නගරයට කිලෝමීටර විස්සක් පමණ නුදුරින් සිදුවූ මෙම භූ කම්පනයේදී දේවස්ථානයක් ඇතුලූ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණා.
භූ කම්පනය පෝට් ඩි ප්‍රින්ස් අගනුවරටද දැනී ඇති බව සඳහන්.
2010 වසරේ හයිටියේ සිදුවූ රික්ටර් පරිමාණයේ හතක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් දෙලක්ෂයක් පමණ මියගිය අතර, තවත් තුන්ලක්ෂයක් පමණ තුවාල ලැබුවා.