Gossips

සමාජජාල වෙබ් අඩවි සම්බන්ධ පැමිණිලි 2200 ක්

වසරේ මේ දක්වා කාලසීමාව තුළ සමාජජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 2200 ක් පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසනවා.
ඉන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ වෙනත් අයෙකුගේ ඡායාරූප යොදා ගනිමින් පවත්වාගෙන යන ව්‍යාජ සමාජ ජාල ගිණුම් පිළිබදව බවයි එම සංසදය සදහන් කළේ.
ඒ හේතුවෙන් සමාජ ජාල වෙබ් අඩවි ගිණුම් සදහා හඳුනන පුද්ගලයින් පමණක් එක් කර ගන්නා ලෙසයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.