Gossips

වෙරළබඩ මාර්ගයේ, දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය එන්ජින් කිහිපයක අක්‍රියවීම් හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය පමාවක් සිදුවන බව ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ දුම්රිය එන්ජින් පහක මෙලෙස කාර්මික දෝෂ ඇතිව තිබෙන බවයි.
මේ නිසා වෙරළබඩ මාර්ගයේ සියලූම දුම්රිය පැය භාගයක පමාවක් සහිතව ධාවනය වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.