Gossips

හයිටි දිවයිනේ භූ කම්පනයක්

කැරිබියානු හයිටි දිවයිනේ උතුරෙන්ම පිහිටි පෝට් – ඩි – පෙයික්ස් නගරයට කිලෝමීටර විස්සක් පමණ නුදුරින් අද ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එය රික්ටර් පරිමාණයේ 5.9 ක ප්‍රබලතාවකින් යුක්ත වන බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.
භූ කම්පනයෙන් පෝට් ඩි පෙක්ස් නුවර දේවස්ථානයක ප්‍රසාද මුඛය කඩාවැටී ඇති අතර, නිවාස කිහිපයකට ද හානි සිදුව ඇති බව සඳහන්.
කෙසේ නමුත් භූ කම්පනයේ සම්පූර්ණ ප්‍රතිවිපාක පිළිබඳ මෙතෙක් වාර්තා ලැබූ නැහැ.