Gossips

2019 මහ මැතිවරණයත් මෝදි ජයගන්නා බවට අනාවැකි

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානය යළි බලයට පැමිණෙනු ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ඒ.බී.පී. නිව්ස් සහ සී – වෝටර් මගින් පැවැත්වූ මෙම සමීක්ෂණයට අනුව ආසන 543 කින් යුත් ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 276 ක් වත් පාලක සන්ධානය හිමිවනු ඇති.
කෙසේ නමුත් පසුගිය 2014 මහ මැතිවරණයේදී ඔවුන් ආසන 336 ක් ජයග්‍රහණය කළා.
2014 මහ මැතිවරණයේදී ආසන 112 ක් දිනාගත් රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය ලබන වසරේදී ආසන 155 ක් වත් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂිතයි.
කෙසේ නමුත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තවත් ජන වරමක් හිිමිවන බවත් ඉන්දීය ජනතාව අතුරෙන් සියයට 47 ක් විශ්වාස නොකරන බව සඳහන්.