Gossips

වන අලි 3 ක් දුම්රියට බිලිවෙයි (ඡායාරූප)

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වන අලි තුන්දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ වන අලි ගැටීමෙන් ඊයේ රාත්‍රී 9.45 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරින් දුම්රියේ මැදිරි 4 ක් පීලි පැන ඇති අතර දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇතැයි සඳහන්.
වැලිකන්ද දුම්රිය ස්ථානයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මඩකලපුව – දුම්රිය මාර්ගයේ ධාවනය පොළොන්නරුවට පමණක් සීමා කර ඇති බවයි.


ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර / මනම්පිටිය නිමල් ජයරත්න