Gossips

මතුගමදී සැඩපහරකට හසුව පුද්ගලයෙකු මියයයි

මතුගම – වෑත්තෑව ප්‍රදේශයේදී මතුගම ඇළ මාර්ගය හරහා ඇති තාවකාලික පාලම අසලින් ගලාගිය සැඩපහරට හසුව පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සැඩපහරට හසුව ජලයේ ගසාගෙන ගිය මොහු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන වෑත්තෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
42 හැවිරිදි මෙම පුද්ගලයා වෑත්තෑව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන බව සඳහන්.