බලංගොඩ බෙලිහුල්ඔය පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු ඇල්ල අසල දිය පිරුනු වලකට ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙම තරුණයා අනතුරට ලක්ව ඇති බවයි.
දිය වලට වැටුනු තරුණයා බේරා ගැනීමට ගිය තවත් තරුණයෙකු ද දියේ ගිලීමෙන් පසු බේරාගෙන ඇති අතර ඔහු මේ වන විට බලංගොඩ රෝහලේ ප්රතිකාර ලබනවා.
මියගොස් ඇත්තේ අවුරුදු 22 ක තරුණයෙක් වන අතර ඔහු තවත් යහලුවන් පිරිසක් සමග අද පෙරවරුවේ දිය නෑමට පැමිණ තිබුනා.
එහිදීයි මෙම අනතුර සිදුවී ඇත්තේ.