පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ මීට අමතරව දොඩංගොඩ සහ මතුගම යන නගරවල අතුරු මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
මේ අතර, පොලීසිය සදහන් කළේ කොළඹ නගරයේ සහ අවට ඇතැම් මාර්ගවල වැසි ජලය පැවතීම හේතුවෙන් රථ වාහන තදබදයක් පවතින බවයි.