Gossips

ඉරාන සම්බාධක බලපාන රටවලට ඇමරිකාවෙන් සහනයක්

ඉරානයට එරෙහිව ඇමරිකාව යළි සම්බාධක පැනවීමත් සමඟ ඉරාන තෙල් ආනයන සීමා කරන රටවලට සහනයක් ලබාදීමට කටයුතු කරන බව ඇමරිකාව පවසනවා.
ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වූ ඇමරිකාව ඉරාන ඉන්ධන භාවිත කරන රටවලට එරෙහිව ලබන නොවැම්බර් 4 වන දා යළි සම්බාධක පැනවීමට නියමිතයි.
සිරියාවේ සහ ඉරාකයේ ගැටුම්වලට ඉරාන මැදිහත්වීම වැළැක්වීම සඳහා එම පියවර ගන්නා බව ඇමරිකාව ප්‍රකාශ කළා.
එහෙත් එමගින් ඉරාන තෙල් ආනයනය කරන රටවල් ද ඉලක්ක කර ගැනීම නිසා රටවල් රැසක් එහි බලපෑමට ලක්වනවා.
ඉන්දියාව සහ චීනය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු සම්බාධක නොතකා තමන් තවදුරටත් ඉරාන තෙල් ආනයනය කරන බවයි.