Gossips

ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමඟ පුද්ගලයෙකු කොටවෙහෙර – මුන්නෑකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයා ළඟ තිබී ව්‍යාජ 5000සේ මුදල් නෝට්ටු 48ක්, දහසේ නෝට්ටු 48ක් සහ රුපියල් 500යේ මුදල් නෝට්ටු 6ක් සොයාගෙන ඇති බවයි.
28 හැවිරිදි සැකකරු රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.