Gossips

ජනපති සහ හිටපු ජනපති සිය නිවසේදී හමුනොවුණු බව එස්.බී. කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිවස තුළ හමුවී සාකච්ඡා කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
සති අන්ත පුවත්පත් කිහිපයකම ප්‍රධාන පුවත් සිරස්තලය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් පසුගිය බදාදා එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවසේ පැවැත්වූ බවට වාර්තා කර තිබුණා.
එහිදී වැඩිදුරටත් සදහන් කර තිබුණේ රටේ ජාතික ආරක්ෂාව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව නායකයින් දෙදෙනා අතර සාකච්ඡා සිදුවූ බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ තමන් පසුගිය සතිය තුළ කොළඹ සිය නිවසේ නොසිටි අතර, අදාළ වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.