Gossips

වැසි වැඩිවෙයි

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම වයඹ, මධ්‍යම, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වලට මෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී සැළකිලිමත් වන ලෙසට අධිවේගී මාර්ග නඩත්තු හා සැළසුම් අධ්‍යක්‍ෂ එස්. ඕපනායක රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පැයට කිලෝමීටර 60 ක වේගය නොඉක්මවා තම රිය ධාවනය කරන ලෙසයි ඔහු සඳහන් කළේ.
අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතර – බෝගන්වතුයාය ප්‍රදේශයෙන් වාර්තාවුණා.
එය මිලිමීටර 102.5 ක්.